අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"අගමැතිකම මට ලොකු නැහැ"

"අගමැතිකම මට ලොකු නැහැ"

අගමැතිකම් සහ ජනාධිපතිකම් කර ඇති තමාට මේ අගමැතිකම ලොකු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එහිදී පාර්ලිමේන්තුව අමතමින්…

අගමැතිකම් සහ  ජනාධිපතිකම් කර ඇති තමාට මේ  අගමැතිකම ලොකු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. 

එහිදී පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ  පෙර පැවති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් තමාට අගමැති ධූරය භාර ගන්නා ලෙස ඇරයුම් කළ බව ය.තවද  අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම, මහ බැංකු බැඳුම්කර මගඩිය ආදී සිදු වීම් හේතුවෙන්  එන්න එන්නම රටේ ආර්ථිකය කඩා වැටුණු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුව මැතිවරණ කල් දමමින් නිසි වේලාවට මැතිවරණ පැවැත්වීමට අසමත් වූ බව ය.

තවද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඊයේ (14) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්  විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ , ශබ්දයෙන් විශ්වාසභංග යෝජනා සම්මත කර ගත නොහැකි බව ය.

දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගත වී තිබෙන අර්බුදය  විසඳා  ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙමින් මහ මැතිවරණයකට යාම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලට මෙහිදී ආරාධනා කළේ ය.

අගමැතිකම් ජනාධිපතිකම් කර ඇති තමන්ට  අගමැතිකම ලොකු නැහැ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ ය.

සිය විශේෂ ප්‍රකාශය අවසන් කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ, පක්ෂය සහ බටහිර යාළුවන් වෙනුවෙන් කථානායකවරයා පෙනී සිටීම ගැන තමා  කණගාටු වන බව ය.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගිට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය විශ්වාසයක් නැති බවට යෝජනාවක් ගෙන ආ අතර එය සම්මත කර ගැනීමට කථානායකවරයා ඡන්දයක් කැඳවීමට යාමේදී පාර්ලිමේන්තුව තුළ කළහකාරී තත්ත්වයක් ඇති විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"අගමැතිකම මට ලොකු නැහැ" | Lanka Newsweek