අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිකම භාර නොගන්නා ලෙසට සජිත්ට බල කළේ හර්ෂ සහ ඉරාන්

අගමැතිකම භාර නොගන්නා ලෙසට සජිත්ට බල කළේ හර්ෂ සහ ඉරාන්

අගමැතිකම භාර නොගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එදා 6තරයේ බලපෑම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන…

අගමැතිකම භාර නොගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එදා 6තරයේ බලපෑම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු වෙති.

"නායකතුමා අගමැතිකම නම් භාර ගන්න එපා. ඔබතුමා විනාශ වේවි. මේ ආර්ථික අර්බුදය විසඳන්න බැහැ. මේ රට ගොඩගන්න බැහැ" යනුවෙන් අත් දෙකම ගසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලපෑම් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

මේ අය එදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම භාර නොගන්නා ලෙසට බල නොකළා නම් අද සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ අර්බුදයක් මතු නොවන බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න