අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිකමෙන් රනිල් එළවීමේ සටනට එජාපයෙන් චතුර නායකත්වය දෙයි

අගමැතිකමෙන් රනිල් එළවීමේ සටනට එජාපයෙන් චතුර නායකත්වය දෙයි

ශ්‍රීලනිපයෙන් එස්.බී - ඒකාබද්ධයෙන් ඩලස් (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා…

ශ්‍රීලනිපයෙන් එස්.බී - ඒකාබද්ධයෙන් ඩලස්

අගමැතිකමෙන් රනිල් එළවීමේ සටනට එජාපයෙන් චතුර නායකත්වය දෙයි

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා භාර ගෙන තිබේ.

ඒ අනුව එම විශ්වාස භංගයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීමේ මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ (15) රාත්‍රියේ සිටම ආරම්භ කර ඇත.

චතුර සේනාරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට ඊයේ (15) රාත්‍රියේ දුරකතනයෙන් කතා කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන්න යැයි ඉල්ලා තිබේ.

දැන්වීම

ඒ එම ඉල්ලීමට එකඟ වී ඇති අදාළ මන්ත්‍රීවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මොහොතේම කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමය.

මේ අතර මේ විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ වගකීම සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක මහතා භාර ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරමින් අත්සන් එකතු කිරීමේ කටයුතු ඔහු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.

විශ්වාස භංගය  සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වගකීම භාර ගෙන සිටින්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන්ය.

අගමැතිකමෙන් රනිල් එළවීමේ සටනට එජාපයෙන් චතුර නායකත්වය දෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිකමෙන් රනිල් එළවීමේ සටනට එජාපයෙන් චතුර නායකත්වය දෙයි | Lanka Newsweek