අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්න තමා සුදානම් බව මහින්ද රනිල්ට දැනුම් දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපතිවරයා විසින්ම ධූරයෙන් පහ කරන තුරු අගමැතිකමේ සිටින්නැයි රනිල් මහින්දට කියයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සුදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික…
ජනාධිපතිවරයා විසින්ම ධූරයෙන් පහ කරන තුරු අගමැතිකමේ සිටින්නැයි රනිල් මහින්දට කියයි..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සුදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
තමා ඉල්ලා අස් වන නිසා අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ද මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ බව දැනුම් දී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දී අද (30) හදිසියේම මුහුණට මුහණ හමුවූ අවස්ථාවේදීය.
එහිදී එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කියා තිබෙන්නේ එසේ ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති අතර ජනාධිපතිවරයා සිය කණඩායමේ බහුතරය පිළි ගෙන ධූරයෙන් පහ කරන තුරු අගමැතිකමේ රැදී සිටින ලෙසය.
ඒ සඳහා ඔබට අයිතියක් තිබෙන බව ද,අග්‍රාමාත්‍ය ධූරයෙන් ඔබව පහ කළ යුත්තේ ඊට ඔබව පත් කරනු ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පෙන්වා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1