අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අකිල කැපෙයි-මැතිවරණ මහෙයුම් ප්‍රධානියා සාගල

අකිල කැපෙයි-මැතිවරණ මහෙයුම් ප්‍රධානියා සාගල

සාගල "සිරිකොතට" යළි පණ පොවයි එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…

සාගල "සිරිකොතට" යළි පණ පොවයි

එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එම මැතිවරණ මෙහෙයුම් කමිටුවට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධූර අපේක්ෂක සුදත් චන්ද්‍රසේකර, මහින්ද හරදාස, අස්මි තාසිම් සහ ශමල් සෙනරත් යන මහත්වරුන් පත් කරනු ලැබ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම මේ වන විටත් සිය වැඩ කටයුතු ආරම්භ කර ඇත.

මෙම විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නාම මාත්‍ර ලෙස හෝ පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා නොකිරීම විශේෂයෙන් කැපී පෙනෙන සිද්ධියක් වන අතර මහා මැතිවරණය වෙනුවෙන් "සිරිකොත" පක්ෂ මූලස්ථානය සක්‍රීය කිරීමට අදාළව සාගල රත්නායක මහතා මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටියි.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අකිල කැපෙයි-මැතිවරණ මහෙයුම් ප්‍රධානියා සාගල | Lanka Newsweek