අකිලට හොරෙන් සාගල සිරිකොත අල්ලයි

මහා ලේකම් නොමැති අවස්ථාවක "සිරිකොතට" රිංගා අඩුපාඩු හොයලා ජරාවාස වූ "සිරිකොත" වැසිකිළිවලින් ඉවසිය නොහැකි දුඟදක් හමයි අකිල විරාජ්ගේ පරිපාලනය අන්තිමයි එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු…
මහා ලේකම් නොමැති අවස්ථාවක "සිරිකොතට" රිංගා අඩුපාඩු හොයලා
ජරාවාස වූ "සිරිකොත" වැසිකිළිවලින් ඉවසිය නොහැකි දුඟදක් හමයි
අකිල විරාජ්ගේ පරිපාලනය අන්තිමයි

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අඟහරුවාදා (26) උදෑසන "සිරිකොත" පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඇති සියලුම කාර්යාල කාමර වෙත ඇතුළු වෙමින් විශේෂ නිරීක්ෂණයක යෙදී තිබේ.
සාගල රත්නායක මහතා මෙසේ "සිරිකොත" මූලස්ථානය වෙත පැමිණ එහි ඇති කාර්යාල, එම කාර්යාලවල අවශ්‍යතා සහ අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මූලස්ථානයේ නොසිටී අවස්ථාවකදී වන අතර ඒ හේතුවෙන්ම ඒ ගැන සැකයක් ඇති කර ගෙන ඇති "සිරිකොත" තරුණ තරුණියන් පිරිසක් මේ සිද්ධිය ගැන මහා ලේකම්වරයාට දැනුම් දී ඇත.
දැන්වීම
"සිරිකොත" මූලස්ථානයේ සෑම කාර්යාල කාමරයක් වෙතම සාගල රත්නායක මහතා කැඳවා ගෙන යමින් මූලස්ථානයේ යාන්ත්‍රණය ගැන ඔහුට විස්තර කර දී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතය.
මේ අතර "සිරිකොත" මූලස්ථානයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාට අයත් නිල කාර්යාල කාමරයේ දී, සාගල රත්නායක මහතා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් හමු වී ඒ අය සමග විශේෂ සාකච්ඡාවක් කර ඇති අතර, "සිරිකොත" ආරංචි මාර්ග "lankanewsweek" සමග වැඩි දුරටත් හෙළි කර සිටියේ, තමාට නිල කාර්යාලයක් නොමැති නිසා සභාපතිවරයාගේ කාර්යාල කාමරය තමාට ලබා දෙන ලෙස සාගල රත්නායක මහතා ඉල්ලීමක් කර ඇති බව දැන ගැනීමට තිබෙන බවය.
මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ "රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි" යන ශීර්ෂය යටතේ "lankanewsweek" 2020.05.15 වැනිදා කළ හෙළිදරව්ව සැබෑ වීමට යන බව යැයි "සිරිකොත" මූලස්ථානයේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.
"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ තිබෙන වැසිකිලිවලින් දැඩි දුඟදක් හමන අතර එම වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම ජරාවාස වී තිබෙන බව ද, ඊට අමතරව මූලස්ථානයේ තවත් බරපතළ අඩුපාඩු රැසක් තිබෙන බව ද එම තරුණ තරුණියෝ "lankanewsweek" සමග වැඩි දුරටත් සඳහන් කළහ.