අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!

පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!

ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් යළි "බුලත් කොලයට" හැරෙන ලකුණු ඉදිරි සියලු මැතිවරණවලට බුලත් කොලයෙන් කරළියට..? විමල් වීරවංශ සටන අත නොහරී හෙළිදරව්ව මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට…

ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් යළි "බුලත් කොලයට" හැරෙන ලකුණු 

ඉදිරි සියලු මැතිවරණවලට බුලත් කොලයෙන් කරළියට..?

විමල් වීරවංශ සටන අත නොහරී 

හෙළිදරව්ව මෙන්න..!

පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට (පොහොට්ටුව) එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොලය) කරළියට ගනිමින් යළි බල ගැන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ජාතික වාදී සහ වාමාංශික දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මෙම සාකච්ඡාව ආරම්භ වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහා ජන පක්ෂය, දෙමළ එක්සත් ජනතා පෙරමුණ, ඊ.පී.ඩී.පී සංවිධානය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු තවත් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අතරය.

දැන්වීම

මෙම කණ්ඩායම මේ කාරණයට අදාළව මේ වන විට සාකච්ඡා වට තුනක් පවත්වා ඇති අතර තෙවැනි සාකච්ඡාව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී සඳුදා (08) රාත්‍රියේ පැවැත් විණ.

මෙම කණ්ඩායමේ බහුතරයේ මතය වී තිබෙන්නේ ඉදිරියේ දී පැවැත් වීමට නියමිත සියලු මැතිවරණ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් "බුලත් කොලය" යටතේ එකට එක්ව සන්ධාන ගත වී තරඟ කළ යුතු අතර ආණ්ඩුව නියෝජනය කළත් පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස එකට එක්ව ක්‍රියා කළ යුතු බවය.

මෙම දේශපාලන මෙහෙයුමේ පෙරටුගාමීව ක්‍රියා කරන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ය.

නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ මහා ජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ද මේ සාකච්ඡාවල සිටියත් ඔවුන් මෙතෙක් පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔවුන් දෙදෙනාගේ භූමිකාව සහ ස්ථාවරය සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම අභ්‍යන්තරයේ සැකයක් ද මතුව ඇත. 

පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න