අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

හර්ෂිතා කඩයිම පසුකරයි

හර්ෂිතා කඩයිම පසුකරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය. සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය.

සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ඇය මෙම කඩයිම පසුකර ගියාය.

පන්දු 120කින් ගොඩනැගුණු හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය.

දැන්වීම

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අයර්ලන්ත සංචාරය සිදුකිරීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස්කර තිබුණේ චමරි අතපත්තු පමණි.

කෙසේ නමුත් දෙරට අතර පළමු එක්දින තරගයේදී විශ්මි ගුණරත්න ශතකයක් රැස්කිරීමට සමත් වූවාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න