අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

හන්තානට පායන සඳ වෙනුවෙන් සරසවි සිසුන්ට සියයට 25ක වට්ටමක්

හන්තානට පායන සඳ වෙනුවෙන් සරසවි සිසුන්ට සියයට 25ක වට්ටමක්

අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සංගීත සංධ්වනියේ රුපියල් 1000 ප්‍රවේශපත්‍ර සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එහි කාර්ය මණ්ඩල සේවකයින්ට 25%ක වට්ටමක් ලබා දීමට සංවිධායක…

අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සංගීත සංධ්වනියේ රුපියල් 1000 ප්‍රවේශපත්‍ර සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එහි කාර්ය මණ්ඩල සේවකයින්ට 25%ක වට්ටමක් ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 1000 ප්‍රවේශපත්‍රයක් ඔවුන් වෙනුවෙන් අලෙවි කෙරෙන්නේ රුපියල් 750ක ට වන අතර රුපියල් 2000, 3000 සහ 4000 යන මිල ගණන් යටතේ වන ප්‍රවේශපත්‍ර සඳහා ඔවුන්ට 10%ක වට්ටමක් ලබා දීමට ද එම සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.   

සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය 2023 ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත් වේ.

දැන්වීම

ගරු ආරාධිතයින් ලෙස ප්‍රවීන ගායන ශිල්පිනියන් වන ජනනි පීරිස් සහ උරේෂා රවීහාරි එහිදී විශාරද අමරසිරි පීරිස් සමග යුග ගීත ගයති.

විශාරද මනෝජ් පීරිස් සංගීතය සපයන මෙම සංගීත සංධ්වනියේ ප්‍රවේශපත් මහරගම, පිළියන්දල, නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල පැලවත්ත සහ කොට්ටාව පිහිටි "සරසවි" පොත්හල්වලින් ද, නාවින්න, හයිඩ් පාර්ක්, දෙහිවල, පිළියන්දල සහ කොට්ටාව පිහිටි "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලින් ද, නුගේගොඩ, දෙහිවල සහ "ලිබර්ටි ප්ලාසා" හී පිහිටි "Kandy" රෙදිපිළි අලෙවි සැල්වලින් ද, Mytickets.lk වෙතින් මාර්ග ගත ක්‍රමයට ද මිල දී ගත හැක.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න