අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සුළු ජාතිය මහජාතිය නොව ශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැඳ ගමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

සජිත්

(සංජනා ද සිල්වා)

1983 කළු ජුලිය මෙරට දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් බවත් කළු ජූලිය තුළින් අගතියට පත්වූ අප රටේ දමිළ ප්‍රජාවට කණගාටුව ප්‍රකාශ කරනවා සේම සමාව ඉල්ලා සිටින බවත් මේ තුළින් වින්දිතභාවයට පත්වූ සියලු දෙනා වෙනුවෙන් රටක් ලෙස යුතුකම් ඉටු කළ යුතු බවත් මේ නිසා අප රටේ පුරවැසියන් විශාල පිරිසක් රට අතහැර ගොස් ඇති නිසා ඔවුන්ට සංහිදියාවේ සහෝදරත්වයේ නාමයෙන් නැවත රට වෙනුවෙන් එකට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

දැන්වීම

සත්ජාතිකත්වය වෙනුවෙන් පෙරට එමු

මහ ජාතිය සුළු ජාතිය කියා පාර්ලිමේන්තුවේ ඇතැම් අය ආමන්ත්‍රණය කළත් මේ මහජාතිය සුළු ජාතිය නොව සමස්ත ශ්‍රී ලාංකිකත්වය අවබෝධ කර ගත යුතු බවත් සත්ජාතිකත්වය ජාති ආගම් කුලමල පන්ත පක්ෂ තරාතිරම් භේදයෙන් තොරව ඒකීය රටක භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය, දේශපාලන නිදහස ආරක්ෂා කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි

මෙරට කොන් වීමට ලක්වූ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනාව වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බැවින් මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් අංග සම්පූර්ණව ඉඩම් බලතල සහ පොලිස් බලතල සහිතව ලබා දීම අපගේ වගකීම බවත් ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීම 13 වැනි සංශෝධනය තුළින් එය සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු කුමන අර්ථකථන දුන්නත් 13 වැනි සංශෝධනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා

අප රටේ බොහෝ දෙනා බොහෝ ආකාරයට මෙය අර්ථකථනය කරන බවත් කවුරු කුමන ආකාරයට ආමන්ත්‍රණය කළත් 13 වැනි සංශෝධනය ඉඩම් පොලිස් බලතල සහිතව ක්‍රියාත්මක කිරීම වගකීම හා යුතුකම බවත් ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සෛරීත්වය දේශපාලන නිදහස සුරක්ෂා කිරිම මේ තුළින් සිදුවන නිසා ඒ පොරොන්දුව සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

එසේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් එය නොපැවැත්විම සෛරීත්වයට ජනතා පරමාධිපත්‍යයට කරන මරු පහරක් බවත් ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ලබා දීම ඉටු කළ යුතු බවත් ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන ලෙස ඉඩම් අයිතිය ලබා දිය යුතු බවත් යම් හේතුවක් මත ඉඩම් ලබා දිය නොහැකි නම් වෙළෙදපොළ තක්සේරුවක් මත වන්දි ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම කබීර් හෂීම් මහතාගේ දියණීය සාරා කබීර් මෙනවිය Tear Drop Nation යනුවෙන් අගනා චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බවත් පුද්ගලික මතිමතාන්තර ඉවත් කර මේ චිත්‍රපටිය නරඹන ලෙස ඉල්ලා සිටින බවත් සුළු ජාතිය මහජාතිය නොව ශ්‍රී ලාංකිකත්වය තහවුරු කරන්න අත්වැල් බැද ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සුළු ජාතිය මහජාතිය නොව ශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැඳ ගමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. | Lanka Newsweek