සාමය වෙනුවෙන් සියලු දෙනා පෙරට එන්න - විපක්ෂ නායක සජිත් ලෝකෙට කියයි

වහාම සාම සාකච්ඡා ඇරඹීමට සියලු දෙනා කැප විය යුතුයි ලෝකෙට අවශ්‍ය සාමයයි - පිරිවැය කුමක් වුවත් යුද්ධය නතර කළ යුතුයි මැදපෙරදිග මිලියනයක් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු මැදපෙරදිග කලාපයේ උද්ගත වී…
වහාම සාම සාකච්ඡා ඇරඹීමට සියලු දෙනා කැප විය යුතුයි
ලෝකෙට අවශ්‍ය සාමයයි - පිරිවැය කුමක් වුවත් යුද්ධය නතර කළ යුතුයි
මැදපෙරදිග මිලියනයක් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ ලෝක නායකයින් කවර පිරිවැයක් තුල වුවත් සාමය වෙනුවෙන් කැප විය යුතු බවයි. එසේම මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද එම පණිවිඩය මගින් පෙන්වා දී ඇත.
"මැද පෙරදිග කලාපය තුළ මේවන විට පවතින එදිරිවාදීත්වයන් සහ ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වේ. සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන් සහ අනෙකුත් මැද පෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර හරහා ගැටුම්කාරි පසුබිම තවදුරටත් ව්‍යාප්ත කිරිම දැඩි ලෙස හෙළා දැකිය යුතුය. යුද්ධය නවතා සාම සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන්න. මැද පෙරදිග සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අතිශයින් වැදගත් ය. කවර පිරිවැයක් දරා හෝ යුද්ධය වළක්වා ගත යුතුය. සාමයට අවස්ථාවක් ලබා දෙන්න."
