අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජිනාදරී..!

සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජිනාදරී..!

(නායක බණ්ඩාර) නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට සම්මානනීය නිළි අනෝමා ජිනාදරී මහත්මිය සමත්ව ඇත. ඒ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපෑම…

(නායක බණ්ඩාර)

නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට සම්මානනීය නිළි අනෝමා ජිනාදරී මහත්මිය සමත්ව ඇත. ඒ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපෑම වෙනුවෙනි.

එම සම්මාන උළෙලේ වසරේ හොඳම සංස්කරණයට හිමි සම්මානය අජිත් රාමනායකට හිමිවූ අතර, එයද "දැවෙන විහඟුන්" චිත්‍රපටයටවීම විශේෂත්වයකි. සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන "සාක් චිත්‍රපට උළෙල" අඛණ්ඩව 9 වැනි වරටත් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර, ඉකුත් ජූලි 02 වැනි දා ආරම්භ වූ එහි සමාරම්භය ඉරිදා (ජූලි 07) සිදුවිය.

මෙම චිත්‍රපට හොඳම වෘත්තාත්ත චිත්‍රපටය ලෙස නාගර් කිර්තාන් නම් ඉන්දියානු චිත්‍රපටය තෝරාගනු ලැබ තිබූ අතර, හොඳම කෙටි චිත්‍රපටයට සම්මානයට පාත්‍රවූයේ "නා බොලේ වෝ හරාම්" නම් ඉන්දියානු චිත්‍රපටයට යි. තවද, හොඳම තිර රචනයට හිමි සම්මාන A Letter To The President චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අසීස්ට හිමි වූ අතර, නාගර් කිර්තාන් චිත්‍රපටයේ රඟ පෑ චක්‍රමෝර්ති හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න