අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සලේට එරෙහි චෝදනා මොනවාද..?

සලේට එරෙහි චෝදනා මොනවාද..?

පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක…

පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවේ.

සලේ අත්අඩංගුවට ගැනීමට පදනම් වූ කරුණු.

● යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු හරහා සැකකටයුතු තරුණයන් පිරිසක් යොදාගෙන මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන පිළිබඳ රහසිගත දත්ත එක්රැස් කිරීමට කටයුතු කිරීම.

දැන්වීම

● සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් නමැත්තිය මියගිය බවට අසත්‍ය මතයක් තහවුරු කිරීමට සෘජුව මැදිහත් වීම සහ ඇය පිළිබඳ තොරතුරු වසන් කිරීම.

● ප්‍රහාරකයින් පිළිබඳ තොරතුරු හෙළිවන අවස්ථාවේදී ඒවා යටපත් කිරීමට සහ විමර්ශන ක්‍රියාවලිය අවහිර කිරීමට සෘජුව හෝ වක්‍රව මැදිහත් වීම.

● මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම හරහා ත්‍රස්ත කටයුතුවලට අනුබල දීම.

● සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න