සත්කාරක එංගලන්තයට කඩුලු 05ක් ජයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කර ඇත. මේ අනුව මෙම තරගාවලියේදී තරග තුනකින් තරග 1 බැගින් ජය ගනිමින්…
(නිලන්ති චන්ද්‍රසේන)
ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කර ඇත.
මේ අනුව මෙම තරගාවලියේදී තරග තුනකින් තරග 1 බැගින් ජය ගනිමින් දෙපිලම සම තත්වයේ පසුවෙයි.
මෙම තරගය කාර්ඩිෆ්හිදී පවතී අතර මෙහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත පිළ පළමුවෙන් පන්දුව රැකීමට තිරනය කළේය. ඒ අනුව තරගය සඳහා අවතීර්ණ වූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කදුළු 05කත ලකුණු 148ක් රැස කිරීමට සමත් විය.
එහිදී නායක විරාට් කෝලි ලකුණු 47ක් ලබාගත් අතර මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය.
පසුව පිළිතුරු ඉනිම සඳහා පැමිණි එංගලන්ත පිළ පන්දුවාර 19යි පන්දු 4කදි කඩුලු 4ක් දැවී තිබියදීම තරගය ජය ගැනීමට සමත් වී ඇත.මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් එංගලන්ත පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1