සංවිධානාත්මක අපරාධකරුවෙකු බලහත්කාරයෙන් පවත්වා ගිය සමාජ ශාලාවක් වටලයි

බලපත්‍ර නොමැතිව අලෙවි කළ විදේශීය මත්පැන් බෝතල් 45කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් වටලා බලපත්‍ර රහිතව නීති විරෝධීව කලක් තිස්සේ ගෙන ගිය විදේශීය…
බලපත්‍ර නොමැතිව අලෙවි කළ විදේශීය මත්පැන් බෝතල් 45කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ
බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් වටලා බලපත්‍ර රහිතව නීති විරෝධීව කලක් තිස්සේ ගෙන ගිය විදේශීය මත්පැන් අලවි කිරීමේ ජාවාරමක් වටලා තිබේ.
පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී බලපත්‍ර රහිතව මෙහි ගබඩා කර තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
මෙම රාත්‍රී සමාජ ශාලාව විදේශගතව සැඟව සිටින පාතාල අපරාධකරුවෙකු බලහත්කාරයෙන් පවත්වා ගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම සංවිධානාත්මක අපරාධකරු විදේශ රටක සැඟව සිටියද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා ඔහුගේ නම යොදා ගෙන ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ද ලබා ගෙන ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.