අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. අද ආරම්භ වන…

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹිමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබෙන අතර  ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙය වීම විශේෂත්වයක් වේ.

2025 - 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්ය. දෙරට අතර ගාල්ලේදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රීඩාංගණය සූදානම් කර තිබුණි.

දැන්වීම

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති අතර ඉන් තරග 20ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවන 49 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර ඔවුන් මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ ටෙස්ට් තරග 48න් තරග 27ක් ජය ගැනීමට සමත්ව තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද | Lanka Newsweek