අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ල වන දේශපාලන බලපෑම් ගැන දැඩි තීන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ල වන දේශපාලන බලපෑම් ගැන දැඩි තීන්දුවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇතැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටියි. ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇතැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටියි. 

ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයී ෂා මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇති අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් පහ කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන මෙම දේශපාලන බලපෑම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින බව ද ජෙයී ෂා මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩි දුරටත් පවසා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න