අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

බ්‍රහස්පතින්දා (25) අවසන් වූ ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ඒ ලකුණු 187කිනි . මේ වන විට තරඟ දෙකකින් යුත් තරඟාවලියේ තරඟ 1-0 ලෙස ජය ගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන්…

බ්‍රහස්පතින්දා (25) අවසන් වූ  ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.  ඒ ලකුණු 187කිනි . මේ වන විට තරඟ දෙකකින් යුත් තරඟාවලියේ තරඟ 1-0 ලෙස ජය ගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

තරඟයේ මුලින් පහර දුන් ශ්‍රීලංකාව සියලු දෙනා දැවී 386යි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 147යි. ධනංජය ද සිල්වා ලකුණු 61යි. රොස්ටන් චේස් ලකුණු 83ට කඩුලු  5යි.පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ලකුණු 230යි. කයිල් මේයර්ස් ලකුණු 45යි. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුලු 4යි.

දෙවන ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව කඩුළු 4ට ලකුණු 191 ලබා සිටියදී කොදෙව්වන්ට නැවත ක්‍රීඩා කිරීමට ආරාධනා කල අතර ඔවුන් සියලු දෙනා ලකුණු 160කට දැවී ගියහ.දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ දිමුත් කරුණාරත ලකුණු  83යි. රකීම් කෝන් වෝල් සහ ජෝමෙල් වැරිකන් කඩුලු 2බැගින් දවා ගත්හ.දෙවන ඉනිමට වෙනුවෙන් කොදෙව් පිලේ බොනර් ලකුණු 68යි. ලසිත් ඇඹුල්දෙනිය 46ට කඩුලු 5යි.

තරඟයේ වීරයා දිමුත් කරුණාරත්න.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක් | Lanka Newsweek