අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශම්මි සිල්වා නැවතත් නිතරඟයෙන්ම ක්‍රිකට් මහා පුටුවට

ශම්මි සිල්වා නැවතත් නිතරඟයෙන්ම ක්‍රිකට් මහා පුටුවට

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුර සඳහා නිතරඟයෙන් තේරී පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශම්මි සිල්වා මහතා මෙසේ ශ්‍රී…

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුර සඳහා නිතරඟයෙන් තේරී පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. 

ශම්මි සිල්වා මහතා මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නිතරඟයෙන් පත් වූයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණයේදී බව ද එම ආයතනය කියා සිටියි. 

ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත් වූයේ අඛණ්ඩව සිව් වැනි වාතාවට වන අතර එමගින් පැහැදිලි වනුයේ පරිපාලකයෙකු ලෙස ඔහු සතු පළපුරුද්ද, අත්දැකීම් සහ දක්ෂතාවය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න