අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැහැ - Free Lawyers කොමිසමට කියයි

විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැහැ - Free Lawyers කොමිසමට කියයි

විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…

විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව  Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. 

රටේ ක්‍රියාත්මක නීතිය වන 1978 විශ්වවිද්‍යාල පනතට පටහැනිව කටයුතු කරමින්, විශ්විවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට පිඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කිරීම නවතා දමා ඇත. එය  නීති විරෝධී සහ පරිපාලන නීතියේ මූලධර්ම වලට පටහැනි බව Free Lawyers පවසයි.

පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක්, කතානායකවරයා විසින් තහවුරු කර ක්‍රියාත්මක කිරීමකින් තොරව නීතියක් බවට පත් වන්නේ නැත. කැබිනට් තීරණයක්, ගැසට් නිවේදයක් හෝ පාර්ලිමේන්තුව වෙත කෙටුම්පතක් ඉදිරිපත් කිරීමකින් හෝ එය නීතියක් වන්නේ ද නැත. 

දැන්වීම

ව්‍යවස්ථාපිත ආයතනයක් වන වි.වි.ප්‍ර.කො.ස. දැනට බලපත්නා නීතියක්  ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් බලය සහිත ආයතනයකි.  පනතේ විධිවිධාන නොතකා කටයුතු කිරීමට එයට බලයක් නැත. 

මෙරට විශ්වවිද්‍යාල ස්වාධීනව කටයුතු කිරීම සඳහා වන බලයක් සහිත ආයතනයකි. අංශාධිපතිවරුන් සහ පිඨෘධිපතිවරුන් පත් කිරීමේ බලය ද එයට ඇතුලත් ය. විනිවිද භාවයක් සහිත ශ්‍රාස්ත්‍රීන නායකත්වය, ආතනික ස්වාධීනත්වය, යහපත් පාලනය එහි අංගයන් වෙති.  ‘වැඩබලන අංශාධිපතිවරු සහ පීඨාධිපතිවරු පත් කිරීම තුලින් එහි මුලික හරය බිඳවැටේ. 

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීම (නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ නීතියේ සමාන ආරක්ෂාව);
* රාජ්‍ය ආයතන බැඳ තබන මහජන විශ්වාස මූලධර්මය උල්ලංඝනය කිරීම; සහ
* විධායක සහ පරිපාලන ක්‍රියාමාර්ගවල සාධාරණත්වය, නීත්‍යානුකූලභාවය සහ ක්‍රියා පටිපාටික සාධාරණත්වය පිළිබඳ මූලධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳ වි.වි.ප්‍ර.කො.ස. වෙත ලිපිය මගින් චෝදනා කර ඇත. 

නීතිඥ සංවිධානය විසින් ඉල්ලා සිටින්නේ, 

1. මැතිවරණ සහ පත්වීම් කල් දැමීමේ නියෝගය වහාම ඉල්ලා අස්කර ගැනීම හෝ අවලංගු කිරීම;
2. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ පවතින විධිවිධානවලට අනුකූලව පීඨාධිපතිවරුන් තෝරා පත් කර ගැනීම සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සිදු කරන ලෙස සියලුම විශ්වවිද්‍යාලවලට නියෝග කිරීම; සහ
3. බලාත්මක නොකළ ව්‍යවස්ථාදායක වෙනස්කම් සිදුවන තුරු කිසිදු ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් අත්හිටුවන්නේ නැති බව ලිඛිතව තහවුරු කිරීම නොකරන ලෙසය.  

එසේ නොවන්නේ  නම් අභියාචනාධිකරණයේ හෝ හ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සිදු වන බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා විසින් යොමු කළ ලිපියේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න