අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වරප්‍රසාද කඩ කරමින් චමින්ද විජේසිරිට පාර්ලිමේන්තුවට එන්න බාධා කරන්නේ කවුද..?

වරප්‍රසාද කඩ කරමින් චමින්ද විජේසිරිට පාර්ලිමේන්තුවට එන්න බාධා කරන්නේ කවුද..?

පාර්ලිමේන්තු පූර්වාදර්ශ නොසලකා හැරලා - විපක්ෂ නායක ප්‍රශ්න කරයි - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට කැදවීමට කටයුතු නොකිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ…

පාර්ලිමේන්තු පූර්වාදර්ශ නොසලකා හැරලා 

- විපක්ෂ නායක ප්‍රශ්න කරයි -

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට කැදවීමට කටයුතු නොකිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත් 2026.07.28 දින චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහඅධිකරනය දඩුවම් නියම කළත් එදිනම ඔහු අභියාචනයක් යොමු කර ඇති නිසා 2026.07.30 දින මහ අධිකරණය එම අභියාචනය බාර ගෙන අභියාචනාධිකරණයට යොමු කර ඇප ඉල්ලීමට අවස්ථාව දී ඇති නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) වගන්තිය අනුව අවසාන තීන්දුව ලැබෙන තෙක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය එතුමාට හිමි නිසාත් අභියාචනයට යටත් සිරකරුවකු ලෙස සලකන නිසාත් මීට පෙරත් මෙවැනි අභියාචන සහිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් පූර්වාදර්ශයක් ඇති නිසාත් 2026.08.03 දින  චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ලිඛිතව ඉල්ලීමක් කර ඇති නමුත් ඒ සඳහා අවසර නොලැබ ඇති බවත් ඔහුගේ මේ ඉල්ලීම පැහැර හැර වරප්‍රසාද කඩකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 හා 5 වගන්ති කඩකර අනීතිකව ව්‍යවස්ථා විරෝධීව වරප්‍රසාද කඩකර ඇති බවත් මේ නිසා පසුගිය පාර්ලිමේන්තු විවාදවලට එක්වීමේ අයිතිය ද අහිමි වී ඇති බවත් ඔහු සාමාජිකත්වය දරන කාරක සභා රැස්වීම්වලට සහභාගි වීමේ අයිතිය ද අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය යට⁣තේ පාර්ලිමේන්තුවේ භාෂණයේ අයිතිය තහවුරු කර ඇති නිසා මෙය චමින්ද විජේසිරි මහතාගේ සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද වරප්‍රසාද කඩකර ඇති බවත් ඊයේ බන්ධනාගාරයේ සිට රැගෙන ආවත් පාර්ලිමේන්තුවට ගෙන ඒම නතර කර ඇත්තේ කාගේ නියෝග මතද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ ප්‍රශ්න කිරීමේ අයිතිය අහිමිව ඇති බවත් මේවාට වගකියන අය අනාවරණය කරන ලෙසත් මේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කාරක සභාවට යොමු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න