වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සජබ රජයකින් තහවුරු කරනවා

-විපක්ෂ නායක සහතික වෙයි- අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුවත් මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බවත් විපක්ෂ නායක සජිත්…
-විපක්ෂ නායක සහතික වෙයි-
අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුවත් මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.
මැතිවරණය සමයේ විවිධ පාර්ශ්ව ඉඩම් අයිතිය නිවාස අයිතිය දෙන දීමනාව වැටුප ගැන කියන බවත් රු. 1000, 1500, 2000 ලෙස වැටුප් ගැන කිව්වත් අද රු. 1750 ලැබෙන්නේ නෙලන දළු කිලෝ ගණන අනුව බවත් අතිමහත් බහුතරයක් වතුකරයෙ ජනතාව සිටින්නේ ලැයිම්වල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ තේ ඉඩම්වලින් 60%ක් මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට අයිති වුවත් ඔවුන් 30%ක් පමණ තේ නිෂ්පාදනය කරන විට 40% ඉඩම් හිමි කුඩා තේ වතු හිමියන් 70%ක දායකත්වය දෙන බවත් මේ වැටුප් ගැටලුවට විසදුම වැටුප වැඩි කිරීම නොව රාජ්‍ය හා පෞද්ගලික වතු තේ ලෙස වගා නොකරන තේ වගාවට සුදුසු මුඩු ඉඩම් මේ වතු ප්‍රජාවට ලබා දී කුඩා තේ වතු හිමියකු ලෙස සවිබල ගන්වා නිවසක් සාදා ගෙන තේ ව්‍යවසායකයකු බවට පත් කරන්න සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බලංගොඩ සන්සිටි හෝටලයේ දී සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරන ලද වතුකරයේ ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති සමගි වතු සේවක සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.
අද මේ වතුතරය ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් උපකරණ හිගය භෞතික හා මානව සම්පත් හිගය ද ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද අඩුපාඩු ඇති නිසා මේ ප්‍රදේශ ඒකාබද්ධ කර ගැටලුවලට විසදුම් දෙන ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වතුකරයේ ජනතාව සවිබල ගැන්වුවහොත් ඔවුන්ට වැටුප් ලබන වෘත්තියක් කරනවාට වඩා ව්‍යවාසයකයන් බවට පත් කළ හැකි බවත් එවිට මැතිවරණ සමයේ පවා ඔවුන්ව රැවටිය නොහැකි බවත් මේ තුළින් ආර්ථික ඉණිමගේ ඉහළටම යා හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වතු ප්‍රජාවට සාධාරණය ඉටු කරනවා කියන මේ රජය 1979 නීතියක් උපයෝගී කර ගෙන වතු ප්‍රජාව වතුවලින් පන්නා දමන බවත් මේ අය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ තමා බවත් 1889 අංක 13 දරන ඉන්දිය වතුකම්කරු ආඥා පනතේ 24(1) වගන්තිය අනුව මේ නිවාස පහසුකම් හිමි බවත් මැර කණ්ඩායම් එවා වතුකරයේ ජනතාව පන්නා දැමීම නීතිවිරෝධී බවත් ඔවුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්න සමගි ජන බලවේගයෙන් වෙනමම නීතිඥ මණ්ඩලයක් ද පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරයා වැඩි දුරටත් පැවසීය.