අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්‍රහාරයක්

ලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්‍රහාරයක්

දේශපාලන විචාරකයෝ පවසති ලාල් කාන්තගේ "facebook" සටහනින් ඒ බව තහවුරු වේ ආණ්ඩු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට විධිමත් ආයාතන ව්‍යූහයක් තිබෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ…

දේශපාලන විචාරකයෝ පවසති 

ලාල් කාන්තගේ "facebook" සටහනින් ඒ බව තහවුරු වේ 

ආණ්ඩු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට විධිමත් ආයාතන  ව්‍යූහයක් තිබෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි.

එක එක්කෙනාට අවශ්‍ය ආකාරයට ආණ්ඩු නොකරන බව තරයේ කියා සිටින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා කවුරුන් කැමති වුණත් නැතත් ආණ්ඩුව ක්‍රියා කරන්නේ සහ තීන්දු තීරණ ගන්නේ ඊට අදාළ විධිමත් ව්‍යූහයට අනුව බව ද අවධාරණය කර සිටියි. 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා මේ බව කියා සිටින්නේ, සිය නිල "facebook" පිටුවේ විශේෂ සටහනක් තබමින් වන අතර එම සටහන මෙසේය. "ඔබටත්,එයාටත්,මෙයාටත් අරයටත්
ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය.

දැන්වීම

මේ අතර දේශපාලන විචාරකයින් කියා සිටින්නේ, ඇතැමුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයට ගොස් පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ලාල් කාන්ත මහතා මෙවැනි සටහනක් තබා ඇති බවය.

ලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්‍රහාරයක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්‍රහාරයක් | Lanka Newsweek