රනිල්-සජිත් රට වෙනුවෙන් එකතු වෙති

රනිල් විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් සජිත් හමු වෙයි සජිත් ඉතා ගෞරවයෙන් රනිල් පිළි ගනී (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායක-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක-සමගි ජන බලවේගයේ නායක…
රනිල් විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් සජිත් හමු වෙයි
සජිත් ඉතා ගෞරවයෙන් රනිල් පිළි ගනී
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂ නායක-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු බ්‍රහස්පතින්දා (23) සවස සියලු දේශපාලන භේද-මත වාද පසෙක තබා එකට එකතු වූහ.
"ආණ්ඩුව දෙදරයි-එජාප භුතයින් අනාථයි-රනිල්-සජිත් එකතු වෙති" යන ශීර්ෂය යටතේ බදාදා (22) ද, ඊට පෙරද "lankanewsweek" මෙම එකමුතුව ගැන කල් ඇතිව රටට-ජනතාවට හෙළිදරව් කර සිටී අතර මෙම එකමුතුව එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හිසේ මල් පිපුනා වැනි යැයි දේශපාලන විචාරකයෝ පවසති.
සිය දේශපාලන ජීවිතයේ පළමු නායකයා, එකසත් ජාතික පක්ෂ නායකයා සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව පිළි ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට බලා සිටී අවස්ථාව දේශපාලනික වශයෙන් ඉතා හැඟුම් බර විය.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂ නායක-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට මෙසේ පැමිණියේ, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කරමින් සිටියදීය. පැවැත්වෙයි.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක් සහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් රැසක් සමග කරමින් සිටී දේශපාලන සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.