අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බුදු සසුනට ප්‍රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

අප රටේ උත්තරීතර නීතියට අනුව සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර පෝෂණය කර ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම සේම යුතුකම බවත් ඊට අමතර ව සෙසු ආගම් ජන කොට්ඨාස හා සංස්කෘතීන් ආගමික සිද්ධස්ථානවලට නිසි රැකවරණය ලබා දිය යුතු බවත් රට සැබවින්ම ඒකීය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා වුණු සෛරීත්වය සුරැකුණු රටක් දේශපාලන නිදහස ඇති රටක් ලෙස සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය හා එක්වෙමිනි.

මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න පන්සල් දහම් පාසල් පිරිවෙන් ශක්තිමත් කර ආරක්ෂා කරන්න කටයුතු කළ බවත් බෞද්ධයකු ලෙස වැදගත් පාඩම් රැසක් අප සැමටම කියාදුන් නිසා ඒ පාඩම් රටේ ක්‍රියාත්මක කළ යුතු බවත් මහා සංඝරත්නය ආරක්ෂා කරමින් බුදුදහම සුරක්ෂිත කරමින් චීවරයට නිසි ලෙස ගරු කරමින් පිළිගැනීම ලබා දෙමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ හදීසි අපවත් වීම තුළ තමා බලවත් ලෙස ශෝකයට පත්වන බවත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පිළියන්දල විද්‍යාශාන්ති පුදබිම ගොඩනගා සංවර්ධනය කරන්නට වගුරු බිම ගොඩකර දැවැන්ත ආගමික සිද්ධස්ථානයක් නිර්මාණය කරන්න කටයුතු කළ බවත් ඊට අමතරව සුවිශාල ශාසනික සේවාවක් ද ඉටු කළ බවත් මේ ආගමික සංවර්ධනය ශ්‍රී ලංකාවට පමණක් නොවන දෙස් විදෙස් රටවලද ඉටු කරමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර ප්‍රවර්ධනය කරන්න අමිල මෙහෙවරක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම නායක ස්වාමීන් වහන්සේ සෘජු ලෙස තම මතය ප්‍රකාශ කරමින් සෑම විටම සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර පෝෂණය කර ශක්තිමත් කරන්න කටයුතු කළ බවත් උන්වහන්සේ නිසාම අප රටේ ඇති පන්සල් පද්ධතිය ශාසනාරක්ෂ බල මණ්ඩල පද්ධතිය දහම් පාසල් හා පිරිවෙන් පද්ධතිය ගැන සුවිශාල දැනුවත් භාවයක් ලබාගත හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බුදු සසුනට ප්‍රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි | Lanka Newsweek