රටට හුස්මක් දුන් රාජ්ය සේවකයින් විශ්රාම ගිය පසු රජය අමතක කරලා
- විපක්ෂ නායක චෝදනා කරයි -

අප රටට රාජ්ය සේවය තුළින් සුවිශාල සේවවක් ඉටු කළ විශ්රාමික ප්රජාව අගය කළ යුතු බවත් අප රටේ රාජ්ය සේවය තුළ රටේ සෑම සංවර්ධන වැඩකටයුත්තකදීම රටේ හුස්ම ලෙස කටයුතු කළත් අප රටට හුස්මක් දුන් රාජ්ය සේවය අද විශ්රාම ගිය පසු වත්මන් රජය අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ විශ්රාමික එකමුතුව විසින් පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දි සංවිධානය කර තිබූ උද්ඝෝෂණ අවස්ථාව හා එක්වෙමිනි.
2020-2024 අතර විශ්රාම ගිය 154000කට වැඩි විශ්රාමිකයන් අගතියට පත්ව ඇති බවත් මේ අය මුහුණ දුන් විෂමතා නිවැරදි කරන්න වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් පසුගිය වසර කිහිපයේම මේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවධානය යොමු කළත් වත්මන් රජයට මේ විශ්රාමිකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම බීරි අලින්ට වීනා වාදනය කිරීමක් බවත් බොහෝ දෙනාට විපක්ෂයේ සිටින විට මේ විශ්රාමිකයන් මතක් වුවත් විශ්රාමිකයන්ගේ දුක ගැන කතා කළත් ආණ්ඩු බලය ලැබූ පසු මේ අය අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැටුප් විෂමතා දුරලන්න රටේ කොටසකට ලබා දුන් මේ සහනය මේ සියල්ලටම ලබා දී කොන් නොකර නොබෙදා අහිංසක විශ්රාමිකයන්ට ලබා දිය යුතු බවත් විපක්ෂයේ සිටින විට විශ්රාමිකයන්ට සලකන්නනට සහ ආණ්ඩු බලය ලැබුණම වත්මන් රජය සේ විශ්රාමිකයන් නොසලකා හරින දෙබිඩි පිළිවෙතක් සමගි ජන බලවේගයට නොමැති බවත් මේ විශ්රාමිකයන්ගේ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව හඩ නගනවා සේම ඔවුන් වෙනුවෙන් කළ යුතු උපරිම යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විශ්රාමිකයන්ට සලකන්න අවශ්ය ප්රතිපාදන රටේ ඇති බව ආණ්ඩුවේ ඇමතිවරුම පවසන බවත් මහා භාණ්ඩාගාරයේ ටොන් ගණන් මුදල් තිබියදී මේ විශ්රාමිකයන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ සහන වත්මන් රජය ලබා නොදෙන්නේ නම් සමගි ජන බලවේග රජයක් තුළ මේ විෂමතාව ඉවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.