අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ සමාජ සුබ සාධන ප්‍රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම අවම කරන්න ප්‍රමාණවත්ද..?

රජයේ සමාජ සුබ සාධන ප්‍රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම අවම කරන්න ප්‍රමාණවත්ද..?

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි රජය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වි ඇති බවත් ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇති බව නිරන්තරයෙන් ප්‍රකාශ කර බවත් සමාජ සුබසාධනයේ මූලික අරමුණ වන්නේ ජනතාවගේ ජිවත් වීමෙ…

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වි ඇති බවත් ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇති බව නිරන්තරයෙන් ප්‍රකාශ කර බවත් සමාජ සුබසාධනයේ මූලික අරමුණ වන්නේ ජනතාවගේ ජිවත් වීමෙ අයිතිය ඉහළ නැංවීම සහ ආර්ථික පීඩනයට ලක්වන පවුල්වලට ප්‍රමාණවත් ආරක්ෂාව සැලසීම බවත් වර්තමානයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සැබෑ ආදායම හා මිලදී ගැනීමේ ශක්තිය පිරිහීම නිසා අඩු හා මධ්‍ය ආදායම් පවුල් දැඩි ජීවන පීඩනයකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා රජය ක්‍රියාත්මක කරන සමාජ සුබසාධන ප්‍රතිපත්ති සහ වැඩසටහන් ජනතාවගේ ජිවන වියදම් පීඩනය අවම කිරිම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය සැබැ ලෙස වැඩි දියුණු කිරීමට ප්‍රමාණවත් ද යන්න පැහැදිලි කිරිමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (07) අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රජය සතුව ඇති නවතම නිල දත්ත අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සාමාන්‍ය ජීවන වියදම ඉදිරිපත් කරන ලෙසත් මේ වියදම සාමාන්‍ය පවුලක මාසික ආදායමට සාපේක්ෂව දරාගත හැකි මට්ටමක පවතින බවට රජයේ නිල ඇගයීම ඉදිරිපත් කරන ලෙසත් පසුගිය මැයි ජුනි ජූලි මාසවල උද්ධනය පිළිවෙළින් 5.5%යි, 6.8%ක් සහ 7.3%ක් ලෙස වාර්තා වන බවත් අත්‍යාවශ්‍ය ආහාර ඖෂධ මත ඇති කර තිබෙන අනවශ්‍ය පීඩනය සමග සාමාන්‍ය ජනතාවගේ ක්‍රය ශක්තිය හීනවීම සම්බන්ධයෙන් රජයේ ඇගයීම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

දැන්වීම

දැනටමත් පවුල් 1695843ක් දුප්පත් කියා හදුනාගෙන තිබෙනවා නේද..?

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාවට ණය මත වැඩි වශයෙන් යැපීමට සිදුව ඇති අතර ස්ථාවර තැන්පතු පොලී අනුපාතද පහළ යාම හේතුවෙන් විශ්‍රාමිකයන් හා ඉතුරුම් මත යැපෙන ආදායමට සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත් මෙම කණ්ඩායම් දෙකම මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරිමට රජයේ ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් 2026 මාර්තු වන විට සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා පවුල් 1695843ක් දිළිදු ප්‍රජාව ලෙස හදුනා ගෙන ඇති බවත් මේ සංඛ්‍යාව 2024 හා 2025 වසරවල සංඛ්‍යා හා සමග සංසන්දනය කරන විට වෙනස් වූ ප්‍රමාණයත් මේ සංඛ්‍යාවේ වෙනස් වීම තුළ මෙරට ආර්ථික දුෂ්කරතා හා දුප්පත්කම තවදුරටත් ව්‍යාප්ත වී ඇති බවට රජය පිළිගන්නේද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දුප්පත්කම නැති කරන්න ගෙන ආ ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය කොපමණද..?

විවිධ පර්යේෂණ ආයතන මෙරට දුප්පත්කම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් රටේ ජනගහනයෙන් 30-40%ක් යැයි කියන බවත් රු. මි. 25000ක ප්‍රතිපාදන වෙන් වූ ප්‍රජාශක්ති වැඩසටහන මගින් මේ දක්වා ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව හා ස්ථිර ආදායමක් ලැබූ පවුල් සංඛ්‍යාව, මෙම වැඩසටහන්වල කාර්යසාධනය ගැන ස්වාධීන ඇගයීමක් සිදු කර ඇත් නම් මේ වාර්තා සභාගත කරන ලෙසත් ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලසුම අනුව 2026 වසර සදහා නියමිත ඉලක්කවලින් මේ දක්වා සපුරා ඇති ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇයි IMF ඉලක්ක අභිබවා බදු අය කළේ..?

IMF එක ප්‍රාථමික අතරික්තය දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙදස 2.3ක් අවශ්‍ය බව පැවසුවත් එය 5.4 දක්වා වැඩි කිරිමට හේතුවත් රාජ්‍ය ආදායම ඉලක්කය 13.9% සිට 15.4% දක්වා වැඩි කළේ ඇයි ද කියා ඉදිරිපත් කරන ලෙසත් මේ ආකාරයට බදු බර වැඩි කර රටේ ජනතාව පීඩනයට ලක් කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් 2025 ගෘහස්ත ආදායම් වියදම් සමීක්ෂණ ප්‍රතිඵල 2026 ඔක්තෝබරයේ නිකුත් කිරීමට නියමිත බව රජය ප්‍රකාශයට පත් කර ඇති නිසා මෙහි මූලික දත්ත සභාගත කරන ලෙසත් මේ දත්ත 2026 අයවැය සකස් කරන්න යොදා ගන්නාවද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රජයේ සමාජ සුබ සාධන ප්‍රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම අවම කරන්න ප්‍රමාණවත්ද..? | Lanka Newsweek