අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජය 2026 අයවැය යෝජනාවල ප්‍රගතිය හංගන්නේ ඇත්තටම ප්‍රගතියක් නැති නිසා ද..?

විපක්ෂ නායක ප්‍රශ්න කරයි

සජිත් ප්‍රේමදාස

2026 අයවැයේ ප්‍රගතිය ගැන නැගූ ප්‍රශ්නයට අනිල් ජයන්ත නියෝජ්‍ය ඇමතිවරයාට උත්තර දීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් මේවට උත්තර නැතිව 2027 අයවැය කතාව කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ අයවැය යෝජනාවල ප්‍රගතිය හංගන්නේ මේවායේ ප්‍රගතිය අවම මට්ටමක පවතින නිසා බවත් මේවාට උත්තර දෙන්න සති 3කින් අයවැය කතාව කරන නිසා මාස 6ක් දිය නොහැකි බවත් තවත් මේ පාලනය නිසා රට අනතුරේ ඇති බවත් ප්‍රශස්ත ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න මොවුන්ට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන මීට වඩා ගැඹුරින් සිතිය යුතු බවත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ව්‍යාපාරය සහ බෙදාහැරිම සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට රජයට සේම සමාජයට ද ව්‍යවස්ථාදායකයට ද පුරවැසියන්ට ද වගකීමක් ඇති බවත් අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතියට පැමිණ වේගයෙන් වර්ධනය වෙමින් පැවතීම මහපොළොවේ සත්‍ය හා යථාර්ථය බවත් රටේ දරු පරපුර මත්ද්‍රව්‍ය රකුසාගේ ගොදුරක් බවට පත්ව ඇති නිසා මේ ව්‍යාපාරවලට සම්බන්ධ සියලු පද්ධති විනාශ කළ යුතුය යන ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන්වීම

මත්ජාවාරම මැඩපවත්වන්න දිය හැකි උපරිම සහාය අපිත් දෙනවා

මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වන්න සාර්ථක ක්‍රමවේදයක් නොමැති බවත් සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වීමටත් ලංකාවේ ව්‍යාප්ත වීමටත් හේතු සොයා බැලිය යුතු බවත් මත්ද්‍රව්‍ය සමග හසුවුවහොත් සිංගප්පූරුව උපරිම දඩුවම් දුන්නත් අප රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට මත් ද්‍රව්‍ය බිස්නස් සිදු කරන බවත් අප රටේ යුක්තිය පසිදලීම ස්වාධීන අධිකරනය විශ්වාසනීයත්වය හා විනිවිදභාවයෙන් යුක්තව මේ කටයුතු සිදු කළ යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම හා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සියලු දෙනා විනාශ කරන්න දිය හැකි උපරිම සහයෝගය සමගි ජන බලවේගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇත් පරපුර රැකගන්න ප්‍රජා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් අවශ්‍යයි

කාවන්තිස්ස ඇතා රෝගී භාවයට පත් ව ඇති බවට නිරීක්ෂණය වූයේ සැප්තැම්බර් අග බවත් තමාද මේ ගැන දැනුවත් වූ පසු ඉසුරු කියන පශු වෛද්‍යවරයාට කතා කළ බවත් මේ ඇතා ඉන් පසුව ගල්ගමුව සියඹලාන්ගමුව ප්‍රදේශයේ සැරිසරා නීරාවිය ප්‍රදේශයට යන විට මේ ඇතාගේ ආහාර ජීරණ ගැටලුවක් ඇති බවට ජනතාව නිරීක්ෂණය කළ පසු පශු වෛද්‍ය කණ්ඩායම් රැසක් ප්‍රතිකාර කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාවන්තිස්ස ඇතා ඩයරියා තත්ත්වයක් තුළ ආහාර නොගැනීම නිසා ඇතාගේ අසූචි පරික්ෂා කරන්න නොහැකි වීමත් වැසි තත්ත්වය නිසා එයට බාධා පැමිණීමත් සිදුවූ බවත් විෂයභාර අමාත්‍යවරයා පැමිණෙන විට ඇතා වතුරේ සිටීමත් රාත්‍රියේ ගොඩට පැමිණිමත් සිදු වූ බවත් ඇතා වතුරේ සිටින විට ගැටලුවක් ඇති බව නිරීක්ෂණය කර ප්‍රතිකාර කළත් කාවන්තිස්ස ඇතා රටට අහිමි වූ බවත් දැන්වත් මේ ඇත් අලි සම්පත් ආරක්ෂා කරන්න ප්‍රජාමූලික ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා නායකත්ව පරිසර සංවර්ධනයක් කරා යා යුතු බවත් මේ සතා සිව්පාවා රැකගැනීම රජයේ සේම ප්‍රජාවගේ සහාය ලබා ගත යුතු බවත් ජනතාවට මේ තුළින් ප්‍රතිලාභයක් ලැබෙන පරිදි පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහසෙන් ඇතා අතුරුදන් වෙලා. වහාම ඒ ඇතාත් සොයා ගන්න

දැනට ඉතිරි වී සිටින ඇත් සම්පත ආරක්ෂා කර ගැනීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සිවිල් ආරක්ෂක බලකාය ත්‍රිවිද හමුදාව හා වනජිවී දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය එකතු කර ගෙන වෙනම බලකායක් ස්ථාපිත කළ යුතු බවත් දළේ ප්‍රමාණය දෙස බලන විට කාවන්තිස්සට වඩා ලංකාවේ සිටින ලොකුම ඇතා කාවන්තිස්ස බවත් මේ ඇතා මරදන්කඩවල ප්‍රදේශයේ සිටි බවත් විවිධ කාලවල මෙම ඇතා සංක්‍රමණය වුවත් දැන් මේ ඇතා අතුරුදන් වී ඇති බවත් අග්බෝ සොයන්න කටයුතු කළා සේ මහසෙන් ඇතා ද සොයන්න කටයුතු කළ යුතු බවත් මේ ඇත් පරපුර වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් අවශය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතුන් රැකගන්න ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ෂක බල ඇණි ඒකාබද්ධ කර ඒකකයක් හදන්න

වයඹ කලාපයේ සිටින චතුර ගුණරත්න මහතා සහ ඔ්ලුගල මහතා ආදීන්ගේ එකතුවෙන් ඇත් පරපුර ආරක්ෂා කරන කලාපීය වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් මෙය යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රජය 2026 අයවැය යෝජනාවල ප්‍රගතිය හංගන්නේ ඇත්තටම ප්‍රගතියක් නැති නිසා ද..? | Lanka Newsweek