අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

භික්ෂුවකගේ සිවුරු ගැළවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ

- විපක්ෂ නායක -

සජිත්

(සංජනා ද සිල්වා)

දැන්වීම

සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන අප රටේ දැන් සිදුවන දේ හිතාගත නොහැකි බවත් බුද්ධ ශාසනයට ලබා දෙන මුල් තැන අද ක්‍රියාත්මක නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ යම් යම් නීතිරීති රෙගුලාසි ක්‍රමවේද වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති මහා විහාර වාංශික ස්‍යාමෝලිපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක ධුරන්දර සද්ධර්ම කීර්ති ශ්‍රි සුගතධම්ම විශාරද අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ මුණ ගැසුණු අවස්ථවේ දී.

බුද්ධාගම සේම සෙසු ආගම් ජාතීන්ටද හිමි නියමිත තැන ලබා දිය යුතු බවත් චීවරයට දොහොත් මුදුන් දී සැලකිය යුතු බවත් සති දෙකක් ගෙන කමිටු දානවාට වඩා පැය විසි හතරෙන් තොරතුරු සොයා ආගමික නායකයන්ගේ ඇදුම් පැළදුම් සහ අනෙකුත් දේවල්වලට බලපෑම් නොවන චීවරයේ ගරුත්වයේ සුරකින රෙගුලාසිවල වෙනස්කමක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ සම්බන්ධයෙන් යෝජනාවක් සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති බවත් කල්නොමරා සති දෙකේ කමිටු නොදා කඩිනම් තීන්දුවක් ගත යුතු බවත් සිවුර ගැලවීමේ ක්‍රියාවලිය අන්ත දුෂ්ට ක්‍රියාවක් බවත් එයට කිසිදු අයිතියක් ගිහියන්ට නොමැති බවත් දැන්වත් මේ නීතිරීති වෙනස්කම් කරන්න සිදු කළ හැකි උපරිම බලපෑම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
භික්ෂුවකගේ සිවුරු ගැළවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ | Lanka Newsweek