පාසල් ඡායාරූප සංගම්වලට සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහන ක්රමයකට කැමරා උපකරණ ලබාගත හැකි ක්රමවේදයක් සකසන්න
- විපක්ෂ නායක යෝජනා කරයි -

ඡායාරූපකරණය යනු සුන්දර විනෝදාංශයක් බවත් තමාද වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස ඒ විනෝදාංශයේ නියැලෙන බවත් ඡායාරූප ශිල්පීන් සහ ඡායාරූප ව්යවසායකයන් බිහි කරවන Image Expo වැනි ප්රදර්ශන පැවැත්වීම කාලෝචිත බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
පාසල් මට්ටමින් ඡයාරූපකරණය හදාරණ උනන්දු වන අය එකට එකතු වන සංගම් ඇති නිසා මේ සංගම්වලට ද සහන මිලකට කැමරාවක් ලබා ගත හැකි ක්රමවේදයක් සකස් විය යුතු බවත් කැමරාකරණය හා ඡායාරූපකරණය ව්යවසායකත්වයක් ලෙස සිදු කරන තරුණයන්ට සහනදායී ණය ක්රමයකට හෝ වාරික ක්රමයකට ගෙවිය හැකි ලෙස කැමරා උපකරණ ලබා ගත හැකි ක්රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දී CameraLK ආයතනය විසින් සංවිධානය කර තිබූ Image Expo 2026 ප්රදර්ශනය හා එක්වෙමිනි.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් නව කැමරා උපකරණ ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමටත් මේ අවස්ථාව හා එක්ව සිටි ප්රවීණ හා ආධුනික ඡායාරූප ශිල්පීන් හමුවීමටත් කටයුත කරන ලදි.