අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතා රැසක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතා රැසක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක, වයස අවුරුදු 18 න් පහළ බාලක සහ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතා…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක, වයස අවුරුදු 18 න් පහළ බාලක සහ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතා ත්‍රිත්වයම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් දිනා ගත්තේය.

වයස අවුරුදු 20 න් පහළ බාලිකා සහ වයස අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාවයන් මාතර සුජාතා විද්‍යාලයට සහ වයස අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාවය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට හිමි විය.

තරගාවලිය පසුගිය බදාදා (11), බ්‍රහස්පතින්දා (12) සහ සිකුරාදා (13) දිනයන්හි කන්දේගොඩ, අම්බලන්ගොඩ පිහිටි එස් ආර් එස් ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ජානක ලාල් මහතා ඇතුළු අම්බලන්ගොඩ ධර්මාශෝක, දේවානන්ද, ප්‍රජාපති ගෝතමී, ගාල්ල රිපන් බාලිකා, සංඝමිත්තා ආදී විද්‍යාලයන් කිහිපයක ගුරුවරුන්ගේ මෙහෙයවීම යටතේ තරගාවලිය පැවැත්විණි.

දැන්වීම

සමස්ථ තරගාවලියේ ප්‍රතිඵල 

වයස අවුරුදු 20 න් පහළ (බාලක)

ශූරතාවය            -       රිච්මන්ඩි විද්‍යාලය        -       ගාල්ල.

අනුශූරතාවය       -       ධර්මාශෝක විද්‍යාලය   -         අම්බලන්ගොඩ.

වයස අවුරුදු 20 න් පහළ (බාලිකා)

ශූරතාවය            -       සුජාතා විද්‍යාලය           -       මාතර .

අනුශූරතාවය       -       රිපන් බාලිකා විද්‍යාලය  -       ගාල්ල.

වයස අවුරුදු 18 න් පහළ (බාලක)

ශූරතාවය            -       රිච්මන්ඩි විද්‍යාලය        -       ගාල්ල.

අනුශූරතාවය       -       රාහුල විද්‍යාලය            -       මාතර .

තුන්වන ස්ථානය -       දේවානන්ද විද්‍යාලය     -         අම්බලන්ගොඩ.

වයස අවුරුදු 18 න් පහළ (බාලිකා)

ශූරතාවය            -       සංඝමිත්තා විද්‍යාලය     -       ගාල්ල.

අනුශූරතාවය       -       සුජාතා විද්‍යාලය           -       මාතර .

තුන්වන ස්ථානය -       සවුත්ලන්ඩ් විද්‍යාලය     -       ගාල්ල.

වයස අවුරුදු 16 න් පහළ (බාලක)

ශූරතාවය            -       රිච්මන්ඩි විද්‍යාලය        -       ගාල්ල.

අනුශූරතාවය       -       ඇලවීෂියස් විද්‍යාලය     -       ගාල්ල         .

තුන්වන ස්ථානය -       රාහුල විද්‍යාලය            -       මාතර.

වයස අවුරුදු 16 න් පහළ (බාලිකා)

ශූරතාවය            -       සුජාතා විද්‍යාලය           -       මාතර.

අනුශූරතාවය       -       සවුත්ලන්ඩ් විද්‍යාලය     -       ගාල්ල         .

තුන්වන ස්ථානය -       කුලරත්න විද්‍යාලය       -         අම්බලන්ගොඩ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතා රැසක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට | Lanka Newsweek