අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..!

දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..!

දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ…

දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය.

එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299 කි.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 19 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 කට දැවී ගියහ.

එක්දින දිවියේ 37 වන අර්ධ ශතකය වාර්තා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 300 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 85 කදී බිඳ වැටිණ.

නායක ක්වයින්ටන් ඩී කොක් ලකුණු 54 ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දුවාර 9 කදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවා ගත්තේ ය.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 24 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 121 ක් පමණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..! | Lanka Newsweek