අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

තරඟ පාවාදීම් පසු පස ප්‍රබලයන් රැසක්

තරඟ පාවාදීම් පසු පස ප්‍රබලයන් රැසක්

(සමන්ත හේවාබන්දුල) ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින සචිත්‍ර සේනානායක එම සිද්ධිවලට සම්බන්ධවීම පිටු පස හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක්, හිටපු ක්‍රිකට් නායකයෙක් සහ…

(සමන්ත හේවාබන්දුල) 

ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින සචිත්‍ර සේනානායක එම සිද්ධිවලට සම්බන්ධවීම පිටු පස හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක්, හිටපු ක්‍රිකට් නායකයෙක් සහ වත්මන් ක්‍රීඩා පිටියේ රැදී සිටින ක්‍රීඩකයෙක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

කාලයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග පවා දීම පිළිබඳව පරීක්ෂණයක් සදහා හිටපු ක්‍රිකට් නායකයෙකුගේ ජංගම දුරකථනය ලබාදෙන ලෙස දැනුම් දී තිබුණේ ද මේ තරග පාවාදීම් පිටු පස ඔහු සිටින බවට ලද තොරතුරු හරහාය.

එහෙත් අදාළ ක්‍රිකට් නායකයා සිය ජංගම දුරකථනය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. නැවතත් ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට උත්සහ දරන හිටපු ක්‍රිකට් නායකයෙකුද තරග පාවාදීම් පිටු පස සිටින බව හිටපු සභාපතිවරයා සහ හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනාම අදාළ සිදු වීම් පිටු පස සිටින බවටත් චෝදනා නැගෙමින් පවතී.

සචිත්‍ර සේනානායක උසාවියට ලබාදෙන තොරතුරු අනුව බොහෝ ප්‍රබලයන්ගේ නම් කරලියට පැමිණ ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බුකි  කරුවන් අතට පත්වීමත් සමග තරග පාවාදීම් විශාල වශයෙන් සිදු වන්නට පටන් ගත් අතර මේ සියලු දෙනාගේ නම් චෝදනාවලට ගොනු කළ හැක්කේ සචිත්‍ර සේනානායක ලබා දෙන පිළිතුරු මතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තරඟ පාවාදීම් පසු පස ප්‍රබලයන් රැසක් | Lanka Newsweek