අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි

ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි

(නිලන්ති චන්ද්‍රසේන) ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත්වීම පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිය නිල වෙබ්…

(නිලන්ති චන්ද්‍රසේන)

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ජේම්ස් සදර්ලන්ඩ්ගේ  ඉවත්වීම පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිය  නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජේම්ස් සදර්ලන්ඩ් 1998 වසරේදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වූ අතර ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූයේ 2001 වසරේදී ය.ඔහු වසර 17ක්  ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇත.

එම  තනතුරෙන් ඉවත් වීමට තමාට සුදුසුම කාලය එළැඹ ඇති බවට  ඔහු දක්වා තිබෙන අතර කෙසේ නමුත් වෙනත් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කර ගන්නා තෙක් ජේම්ස් සදර්ලන්ඩ් තවදුරටත් එම තනතුරේ කටයුතු කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි | Lanka Newsweek