ගොවියා වැනසූ රජය ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශ කරමින් සිටිනවා

-විපක්ෂ නායක චෝදනා කරයි- එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මේ රජය ගොවි තැන සේම ප්රජාතන්ත්රවාදී ක්‍රමය පවා දී විනාශ කරන බවත් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන…
-විපක්ෂ නායක චෝදනා කරයි-
එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මේ රජය ගොවි තැන සේම ප්රජාතන්ත්රවාදී ක්‍රමය පවා දී විනාශ කරන බවත් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන කුළුණු තුනෙන් අධිකරණය යන කුළුණ ද විනාශ කරමින් යන බවත් උපරිමාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ පුරප්පාඩු රැසක් තිබුණත් රජය ඒවා නොපියවමින් සිටින බවත් තවත් පැත්තකින් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දිගු කරන්න උත්සාහ කරන බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන ප්‍රතිපත්ති මාලාවේ මේ කිසිවක් සදහන් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බ්‍රහස්පතින්දා (30) ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් සූරිය වැව හබරත්තවල පැවැති ජන හමුවක් අමතමිනි.
එදා සියයට තිස් තුනකින් විදුලි බිල අඩු කරන බවට ද, වරායට ගොඩබාන මිලටම තෙල් ලබා දෙනවා බවට ද, රුපියල් ලක්ෂ 12 ට "VITZ" මෝටර් රථයක් ලබා දෙන බවට ද, ඇතුළු දුන් පොරොන්දු කිසිවක් අද වන විට ඉටු කර නොමැති රජය කියා සිටින්නේ, එවැනි පොරොන්දු ලබා නොදුන් බව යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා එම පොරොන්දු ඉටු නොකළත් රජය අධිකරණයට බලපැම් කරමින් සිටින බවට ද, ජනතාවට කිසිදු සහනයක් ලැබී නොමැති බවට ද චෝදනා කළේය.
දැන්වීම
රජයට අවශ්‍ය අධිකරණයේ බලය අඩු කරන්න
රජයේ අරමුණ වන්නේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වී ඇති කුළුණු අතරින් විධායකය යන කුළුණ ශක්තිමත් කර අධිකරණයේ බලය අඩු කර විධායකයට යට කර ගෙන විධායකයේ අතකොළුවක් බවට පත් කර ගැනීමට යැයි ද, මේ යෝජනාවලට ඉදිරියේ අධිකරණ සේවා කොමිෂමේ ගරු විනිසුරුවන් සියලු දෙනා ඒකමතිකව සිය විරෝධය පළ කර ඇති බවත් ඊට අමතරව නීතිඥ සංගමය පවා ඒකමතිකව රජයේ මෙම උත්සාහය ප්‍රතික්ෂේප කර ඇති බවත් විධායකයේ අණසකට අධිකරණය යටපත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රජය මේ ක්‍රියා කරන්නේ කරන්නේ අධිකරණය දුර්වල කිරීමට සේම ගරු විනිසුරුවන්ගේ ගරුත්වය-චරිතය කෙලෙසා සමාජ ගෞරවය විනාශ කිරීමට බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
මේ ක්‍රියාදාමය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක්
අධිකරණය මෙල්ල කරන්නට රජය දරන උත්සාහය සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහර පරාජය කරන බවත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ අවධාරණය කළේය.
අද රජයේ ඇමතිවරුන් කැමරා වහන තැනට පත් වෙලා
අද ඇමතිවරුන් ජන මාධ්‍ය කැමරා වහන බවත් නාලිකාවලට අපහාස කරන බවත් තමාට විවිධ නාලිකා කෙතරම් අපහාස කළත් කිසිදු මාධ්‍යයක් වාරණය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරන බවත් නිදහස් මාධ්‍ය ගරු කළ යුතු බවත් නිදහස් මාධ්‍ය මගින් සිවිල් සමාජ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරන නිසා ඒවාට අප ගරු කළ යුතු බවත් අප රට ඒකාධිපති රටක් නොව ප්රජාතන්ත්රවාදී රටක් බව අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ රජය බලයට ආවේ බොරුවෙන්
ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී රජය උපරිමයෙන් බොරු කියමින් ඓතිහාසික බොරු පොරොන්දු මල්ලක් ඉදිරිපත් කරමින් බොරුවෙන්ම බලය ගත් ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගොවි ජනතාව ඇතුළු සමස්ත පොදු ජනතාව රවටා ජනතාව අන්ත අසරණ කර ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ගොවියා දෙවියා යැයි කියමින් 76 වසරක සාපය නැති කර ක්රමයේ වෙනසක් ඇති කර ගොවියා රජ කරවන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව මේ වන විට හිතාමතාම ගොවි ජනතාව අසරණ කර ගොවි ජනතාව දුප්පතුන් බවට පත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
අදටත් වැඩිම "VAT" බදු ගහන්නේ කෘෂි උපකරණවලට
කණකර-දේපල උගස් කර ගිණි පොලී මුදලාලිලාගෙන් මුදල් ලබා ගෙන ගොවිතැන් කළත් අද වන විට බිත්තර වී වල ගුණාත්මකභාවය අඩු බවත් කලටවේලාවට පොහොර සහනාධාරය පවා නොලැබෙන බවත් කෘෂි රසායන-වල් නාශක තෙල් සහ පොහොරවල මිල ද, කෘෂි උපකරණවල මිල ද ඉහළ ගොස් ඇති බවත් ගොවියාට ආදරය කරනවා කියන මේ රජය කෘෂි උපකරණවලට අදටත් "VAT බදු ගසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් නෑ
ගොවි ජනතාව අමාරුවෙන් වගා කටයුතු කර අස්වැන්න නෙලුවත් අද ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් පවා නොමැති බවත් ගොවි ජන දුක ගැන කතා කළ ආණ්ඩුව අද ගොවියාට කසිප්පුකාරයා යැයි කියමින් අපහස කරන බවත් වී වගා කරන්න බැරි නම් වෙනත් වගා කරන්න යැයි කියන බවත් මැතිවරණ සමයේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ස්වයංපෝෂිතභාවය තහවුරු කරනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
වී කිලෝවකින් රු. 17ක් පාඩුයි
පේරාදෙණියේ කෘෂිකර්ම විශේෂඥයන්ට අනුව වී කිලෝවක් වගා කරන්න රු. 137ක් ගියත් අද මේ ජනතා විමුක්ති පෙරමුණු රජය ගොවියාට දෙන්නේ රු. 120ක ස්ථාවර මිලක් බවත් එමගින් පැහැදිලි වන්නේ හිතාමතාව වී කිලෝවකින් රු. 17ක් පාඩු කිරීමක් බවත් මැතිවරණ සමයේ ගොයම් කකා වී සදහා රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ මිලවත් නොමැති බවත් බලයට පැමිණි පසු මොවුන්ට මේ සියල්ල අමතක වී ඇති බවත් මේ තරම් ජනතාව රැවටූ රජයක් මෑත ඉතිහාසයේ බිහි නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ලෝකයේ ලොකුම ටොම්පචයන් ඉන්නේ මේ රජයේ
ලෝකයේ සිටින ලොකුම ටොම්පචයන් සිටින්නේ මේ රජයේ බවත් ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලු දෙනාම අද ගොවියා අනාථ කර ඇති බවත් මේ රජයට විරුද්ධව ජනතාව සමග මහ පාරට බැස ගොවි අයිතිය සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය සූදානම් බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.
අද වී මෝල් හිමියන් පවා අසරණයි
ආණ්ඩුවට මුළු අස්වැන්න ගත නොහැකි නිසා ඉතිරි අස්වැන්න සුළු සහ මධ්‍ය පරිමාණ මෝල් කරුවන් මිලදී ගත යුතු වුවත් අද මේ මෝල්කරුවන් අසාදු ලේඛනගත වී ඇති බවත් අද වී ගන්න මුදල් නොමැති බවත් එදා වී ගොවියාගේ වී මිලදී ගන්න කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට සහන පොලි ණය දුන්නත් අද ඒ පොළී ණය දෙන්නෙත් නැති බවත් රජය බොරුවට වී මිලදී ගන්නවා කිව්වත් ඒ මිලදී ගන්නෙත් රු. 17ක් පාඩු කරමින් බවත් ඉතිරි අස්වනු ගන්න පහසුකම් පවා සලසා නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
2/3 ගත්තට පස්සේ ගොවියාත් ජනතාවත් දෙගොල්ලම අනාථ කළා
ජනතාව අන්දවා ජනාධිපතිකමයි පාර්ලිමේන්තුනේ තුනෙන් දෙකයි ලබා ගෙන මේ රජය අද ගොවි ජනතාව සහමුලින්ම අනාථ කර අමතක කර ඇති බවත් මේ තරම් බොරු කරපු බොරු කියපු ජනතාව අන්දවපු අසරණ කරපු නිසා නිහඩව සිටිය නොහැකි බවත් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බවත් තව දුරටත් නිහඩව සිටීම ඵලක් නොමැති නිසා මහා පරිමාණයේ ගොවි ජන අරගලයක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය නායකත්වය සමගි ජන බලවේගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ අවධාරණය කළේය.