අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

කොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි.

කොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි.

(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාව සහ නවසීලන්තය අතර රාජ්කොට්හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදී කොලින් මුන්රෝ නොදැවී පන්දු 58 කින් ලකුණු 109ක් ලබා ගන්නා ලදී. එහිදී ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර…

(හේමන්ත තුෂිත කුමාර)

ඉන්දියාව සහ නවසීලන්තය අතර රාජ්කොට්හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදී කොලින් මුන්රෝ නොදැවී පන්දු 58 කින් ලකුණු 109ක් ලබා ගන්නා ලදී.

එහිදී ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් එල්ල කරන ලදී. ඔහුට අනගි සහයක් ලබා දුන් මාර්ටින් ගප්ටිල් පන්දු 41කින් ලකුණු 45ක් වාර්තා කළේය. නවසීලන්තය පන්දු වාර විස්ස අවසාන වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 196 යි. ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීමද එතරම් හොඳ මට්ටමක නොතිබූ බව විචාරකයන් පවසන ලදී.

ජයග්‍රහණය හඹා ගිය ඉන්දීය පිලට පන්දු වාර විස්සේදී ලබා ගත හැකිවුයේ  කඩුලු 7 කට ලකුණු 156ක් පමණි. විරාට් කෝලි පන්දු 42 කට ලකුණු 65ක් ලබාගත්තත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 34 කට කඩුලු 4ක් දවා ගන්නා ලදී. තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ එක් තරඟය බැගින් දෙපිලම දිනාගෙන සම තත්වයේ පසුවෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි. | Lanka Newsweek