අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!

කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!

(නිලන්ති චන්ද්‍රසේන) තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ. ඊයේ(9)…

(නිලන්ති චන්ද්‍රසේන)

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ.

ඊයේ(9) දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 53ක් හා පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පිල  ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හඹා යා යුතුය.

තරගය සිව්වන දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම  කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් ලබා ගෙන  සිටියේය.එහිදී කිරෙන් පවෙල් සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු ලකුණු 88 ක් රැස් කරගෙන සිටියේදී දැවී ගියේය.නායක ජේසන් හෝල්ඩර්ට ලබා ගැනීමට හැකි වුයේ  ලකුණු 39ක්  පමණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටවූයේ පන්දුවාර 72 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදී ය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාර ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 52 ට කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 12 ක් රැස් කරගෙන දැවී ගිය අතර  නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 12 ලබා ගෙන සිටියේදී අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේය.තවමත් නොදැවී  කඩුල්ලේ රැදි සිටින කුසල් මෙන්ඩිස් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 94කි.

දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය  සඳහා ලකුණු 277 ක් ලබා ගත යුතුය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න