අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් ..?

ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් ..?

(හේමන්ත තුසිත කුමාර) ඔලිම්පික් සංවිධායකයින් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් සියලුම ප්‍රේක්ෂකයින් තහනම් කිරීමට සූදානම් බව අසාහි දිනපතා පුවත්පත ප්‍රකාශ කළේ ජපානය ටෝකියෝව සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්…

(හේමන්ත තුසිත කුමාර)


ඔලිම්පික් සංවිධායකයින් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් සියලුම ප්‍රේක්ෂකයින් තහනම් කිරීමට සූදානම් බව අසාහි දිනපතා පුවත්පත  ප්‍රකාශ කළේ ජපානය ටෝකියෝව සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන මොහොතකදීය. ප්‍රේක්ෂකයින්ගෙන් තොර ඔලිම්පික් උළෙලක් සංවිධානය කළහොත් ජපානයේ නව වෛරස් ආසාදන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීම සඳහා දායකත්වය  සපයනු ඇත.

ඔලිම්පික් උළෙල කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැනටමත් වසරක් ප්‍රමාද වී ඇති අතර  මුලින් ඇස්තමේන්තු කල මුදල් ප්‍රමාණය අධික ලෙස ඉක්මවා යාම ඇතුළු  ප්‍රශ්ණ ගණනාවකට මුහුණ දී සිටින සංවිධායකයින් හට ඔලිම්පික් උළෙලට ප්‍රේක්ෂකයින් පැමිණීම වලක්වාලුවහොත් විශාල අයවැය ප්‍රශ්ණ ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත.

බදාදා(07) ආසාදිතයින් ගණන 920ක් දක්වා ඉහළ යාමත් සමඟ ටෝකියෝ හි නව හදිසි තත්වයක් පැනවීම සිදුවේ. ජපානයේ ආර්ථික අමාත්‍ය යසුතෝෂි නිෂිමුරා පැවසුවේ නව සීමා කිරීම් ජූලි 12 වනදා සිට අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වන බවයි.

දැන්වීම

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් දහස් ගණනක් පැමිණීම නව ආසාදන රැල්ලකට තුඩු දෙනු ඇතැයි විශේෂඥයෝ පවසති. බ්‍රහස්පතින්දා(08) සවස මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන්නේ  ටෝකියෝ නුවරට පැමිණෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) සභාපති තෝමස් බැච් සමගිනි. 

ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් ..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න