අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ කඨින පූජ්‍යෝත්සවය විපක්ෂ නායකවරයාගේ දායකත්වයෙන් සය වන වරටත් පැවතේ

සජිත් ප්‍රේමදාස

(සංජානා ද සිල්වා)

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ 2026 වර්ෂයේ කඨින මහා පූජ්‍යෝත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ දායකත්වයෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි.

සය වන වරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කඨින මහා පූජ්‍යෝත්සවය වෙනුවෙන් සිය දායකත්වය දෙනු ලැබීය. ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක, තන්තිරිමලේ රාජමහා විහාරාධිපති තැන්පත් පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක මාහිපාණන් වහන්සේ විසින් කඨින මහා පුන්‍යකර්මයට අදාළ ආගමික වතාවත් සිදු කර ආශිර්වාද කිරීම ද සිදුවිය. මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සේම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ කඨින පූජ්‍යෝත්සවය විපක්ෂ නායකවරයාගේ දායකත්වයෙන් සය වන වරටත් පැවතේ | Lanka Newsweek