ඒකරාශී වූ කාන්තා හඬ

නිලන්ත හපන්වීර විසින් අධ්‍යක්ෂණය කළ තේජා චිත්‍රපටයේ පූර්වප්රචාරක කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ, කිළිනොච්චිය, කටුනායක සහ බියගම ඇඟළුම් සේවයේ නිරත කාන්තාවන් සමඟ එම…
නිලන්ත හපන්වීර විසින් අධ්‍යක්ෂණය කළ තේජා චිත්‍රපටයේ පූර්වප්රචාරක කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ, කිළිනොච්චිය, කටුනායක සහ බියගම ඇඟළුම් සේවයේ නිරත කාන්තාවන් සමඟ එම පූර්ව ප්රචාරක කටයුතු ආරම්භ කෙරුණු අතර මැයි 01 වැනිදා සිට රීගල් ඇතුළු සීඊඑල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
කම්කරු කාන්තා අරගලය තේමා කර ගනිමින් නිර්මාණය වී ඇති තේජා චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, අයිරාංගනී සේරසිංහ, චමිලා පීරිස්, අනුරුද්ධිකා පාදුක්ක, ශ්‍රීමාල් වෙඩිසිංහ, සුජානි මේනකා, අතුල පතිරණ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.