අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප-සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවයක්

එජාප-සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවයක්

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය…

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

නුවරඑළියේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටී නවීන් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ:සන්ධානගතවීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර සාකච්ඡා සාර්ථකව සිදුව ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සියලුම අනුගාමිකයින්ගේ එකම ප්‍රාර්ථනාව වන්නේ මෙම එකමුතුව බවත් ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු තබා ගත හැකි බවත් නවීන් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රධාන පෙළේ විපක්ෂය ලෙස ශක්තිමත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකමුතුව අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ නවීන් දිසානායක මහතා ලංකා කම්කරු කොංග්‍රසය සාමාන්‍යයෙන්  එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමග සන්ධානගත වන අතර ඔවුන් වෙනත් පක්ෂ සමග හවුල් නොවන බව ද වැඩි දුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න