අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 )

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 )

(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 ) සවස 07.00 ට සදම්ටන් හිදී පැවැත් වීමට නියමිතය. පළමු හා දෙවන තරඟ පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක්…

(හේමන්ත තුසිත කුමාර)

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 ) සවස 07.00 ට සදම්ටන් හිදී පැවැත් වීමට නියමිතය. පළමු හා දෙවන තරඟ පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරඟ කරන අතර එංගලන්තය 3-0 ක තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් තරඟ කරයි. ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්තය පසුවන අතර ශ්‍රී ලංකාව නව වන ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු රිද්මයට පැමිණ ක්‍රීඩා කරනු ඇතැයි ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩා ලෝලී ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුවයි. තරඟ ජයග්‍රහණ ලැබීම කෙසේ වෙතත් හොඳ තරඟයක් ලබා දීම අවශ්‍යය.පසුගිය බංග්ලාදේශ එක්දින තරඟාවලියේ මුල් තරඟ දෙක පරාජයෙන් පසුව තුන්වන හා අවසන් තරගය පීඩනයකින් තොරව ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ජය ගත් ආකාරයෙන් මෙවරත් පීඩනයකින් තොරව ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 ) | Lanka Newsweek