ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැඟීමට රජය කැපවී සිටිනවා
ජනපති

(සංජනා ද සිල්වා)
දැන්වීම
2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (12) වන දින ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්විණි.
වරාය නගර, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නව ආර්ථික අවස්ථා ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඉදිරි අයවැය ලේඛනය තුළ ද මේ සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විදේශීය ආයෝජකයන් සමඟ ඵලදායී සම්බන්ධතා ගොඩනඟා ගත හැකි ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් රටට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා එක්වන ලෙස මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.