අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

අපේ මුවගට සිනහ ගෙනෙමින් ජොනී පසුකල අඳුරු පරිච්ඡේදය

අපේ මුවගට සිනහ ගෙනෙමින් ජොනී පසුකල අඳුරු පරිච්ඡේදය

(Viduni Hettiarachchi) බොලිවුඩ් රසිකයන්ට ජොනී ලීවර් කිව්වම මතක් වෙන්නේ මුහුණෙන් දාන ඉරියව් එක්ක කොමඩි කෑලි ටයිමින් එකට අතහරින හරි සොඳුරු මනුස්සයෙක්ව, සරල ජීවන රටාව එක්ක හරි සුහදත්වය මුසු ආකල්පය දරන…

(Viduni Hettiarachchi)

බොලිවුඩ් රසිකයන්ට ජොනී ලීවර් කිව්වම මතක් වෙන්නේ මුහුණෙන් දාන ඉරියව් එක්ක කොමඩි කෑලි ටයිමින් එකට අතහරින හරි සොඳුරු මනුස්සයෙක්ව, සරල ජීවන රටාව එක්ක හරි සුහදත්වය මුසු ආකල්පය දරන කොටින්ම ලෙජන්ඩ් එකක් තමයි අපේ මේ ප්‍රහසන රංගවේදියා

ඒත් ඔයාලා දන්නවද ඔහු අපිව හිනැස්සූ වාර ගානටම සැබෑ ජීවිතයේ ඔහු හඬමින් ගතකල කාලය ඉතා දීර්ඝ බව, එයට හේතුව ඔහුගේ පුතාට අවුරුදු 10 යේ පටන් පිළිකාවක් වැළඳීම, කුඩා ගැටිත්තක් විදිහට බෙල්ලේ ආපු පිළිකාව ඉවත් කරගන්න සැත්කමක් එක්ක නොයෙක් ප්‍රතිකාර අත්හදා බැලුවත් එය වැඩිවුනා මිසක අඩුවීමක් වුනේ නැහැ

එම පිළිකා ගෙඩිය ස්නායුත් එක්ක එකිනෙකට බැඳී තිබුනු නිසා බරපතල ගනයේ සැත්කමක් සිදුකලොත් ජොනීගේ පුතාට පෙනීම නැතිවීම හෝ අංශභාගයට ගොදුරු වීමේ අවධානමක් ඇති බව ඉන්දීය වෛද්‍යවරුන් දැනුම් දුන්නා, ඔවුන් එම ගෙඩිය දියවීමට බෙහෙත් දුන්නා, දවසකට බෙහෙත් 30-40 අහුරු පිටින් බොමින් රෝහල් ඇඳක් මත සිටි තම පුතා දෙස ජොනී අසරණව බලන් උන්නා

දැන්වීම

පාසලේ ළමුන්ගෙන් නිතර එල්ලවුනු විහිලු තහලු මැද දිවි ගෙවූ ජොනීගේ පුතාව සතුටු කරන්න ජොනී නොගත් උත්සාහයක් නැහැ, යන්න ඕන කෙහෙටද ඒ තැන් වලට ඔහුව එක්කන් ගියා, එහෙම ඔවුන් ඇමරිකාව බලා ගමන් ගත් ගමන දෛවෝපගත වුනා, දවසක් පල්ලියකට ගිහින් සිටි ඔවුන්ව අල්තාරය පිටුපසින් ගිය දේවගැතිවරයෙක් දැක්කා, පුතාගේ තත්ත්වය ගැන විමසා බැලූ පූජකතුමන් ජෝනීට යෝජනා කලේ නිව්යෝක් නගරයේ තිබූ ඉතා ප්‍රසිද්ධ පිළිකා රෝහලකට යන ලෙසයි, එහිම තමයි සුප්‍රසිද්ධ හින්දි නිලි නර්ගීස් පවා ප්‍රතිකාර ලැබුවේ

ජොනීට එම දිව්‍ය ප්‍රසාදිතුමන් සහතික කොට කිව්වේ ඔහුගේ පුතාව දෙවියන් වහන්සේ අනිවාර්යයෙන් සුවපත් කරනා බවයි, ඉන්දීය වෛද්‍යවරුන් මේ සැත්කම එපා කිව්වත් ජොනීගේ බිරිඳ පවා එය ප්‍රතික්ෂේප කලත් ජොනී පුතාව සැත්කමට භාජනය කලා, ඉතින් ඒ තීරණය ඔහු ගත් හොදම තීරණය වුනේ ඔහුගේ පුතා Jessy දැන් පූර්ණ සුවය ලබා ඇති නිසාවෙන්මයි, සිනහවෙන් අපිව පිනවූ ඔහුගේ මුහුණට සතුටු සිනහ නැගුනේ ඉන්පසුවයි

අපේ මුවගට සිනහ ගෙනෙමින් ජොනී පසුකල අඳුරු පරිච්ඡේදය

- සිනමාවේදීන් - The Cinema People -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න