අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

සජිත්-සජබය එක්ක ඉදිරියට යන්න බැහැලු වජිර-සාගල ද ඒ ස්ථාවරයේමයි..! පක්ෂයේ බහුතරය සජිත්ගෙ පැත්තේ -රනිල්ට අතිශය සමීප කොළඹ ප්‍රබල භික්ෂුවක් සහ ඔහුගේ පෞද්ගලික හිතවතෙකු කියයි- (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…

සජිත්-සජබය එක්ක ඉදිරියට යන්න බැහැලු 

වජිර-සාගල ද ඒ ස්ථාවරයේමයි..!

පක්ෂයේ බහුතරය සජිත්ගෙ පැත්තේ 

-රනිල්ට අතිශය සමීප කොළඹ ප්‍රබල භික්ෂුවක් සහ ඔහුගේ පෞද්ගලික හිතවතෙකු කියයි-

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

(සුජිත් මංගල ද සිල්වා) 


එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන ගත වීමට යන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේහය සමග නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග වන බව රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ පරම්පරාවට අතිශය සමීප කොළඹ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහනේසේ නමක් "lankanewsweek" සමග පැවසූහ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරුන් ද සිටින්නේ, එම ස්ථාවරයේ බව පෙන්වා දුන් එම භික්ෂූන් වහන්සේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මෙම කණ්ඩායම 2029 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කරනු ඇතැයි ද සඳහන් කළහ.

දැන්වීම

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය පෞද්ගලික සමීපතමයෙක් "lankanewsweek" සමග පැවසුවේ, සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරියට යන්න තමාට බලාපොරොත්තුවක් නොමැති අතර සිය සහය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමා සමග පැහැදිලිව කියා සිටී බවය. 

ඒ අනුව තමා එම තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකට එකතු වන බව කියා සිටී ඔහු රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහවරුන් ඇතුළු පක්ෂයේ නායකයින් බහුතරය ද, සමස්ථ පාක්ෂිකයින් ද සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක් විය යුතුය යන ස්ථාවරයේ බව ද පෙන්වා දුන්නේය.

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න