අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ දිනක වැටුප ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කෙරේ

ලාල් කුමාර මහතා

(සංජානා ද සිල්වා)

අධ්‍යාපන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කෙරේ

දැන්වීම

අධ්‍යාපන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප වශයෙන් රුපියල් මිලියනයක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති එම්. ජී. පී. එල්. ලාල් කුමාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත බ්‍රහස්පතින්දා (08) වන දින පස්වරුවේ පිළිගන්වනු ලැබීය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය/ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, අධ්‍යාපන සමුපකාර සමිතියේ ලේකම් ක්‍රිශාන්ත කවිකාර, උප ලේකම් සංගීත් ගයාන් එදිරිසිංහ යන මහත්වරු ඇතුළු අධ්‍යාපන සමුපකාර සමිතියේ සෙසු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ දිනක වැටුප ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කෙරේ | Lanka Newsweek