අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් සමත් විය

අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් සමත් විය

එංගලන්ත කණ්ඩායම සමග මේ වන විට ලන්ඩනයේ ඕවල් පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක සමත් විය. වසර දෙකකට පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි…

එංගලන්ත කණ්ඩායම සමග මේ වන විට ලන්ඩනයේ ඕවල් පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක  සමත් විය.

වසර දෙකකට පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි පැතුම් මෙලෙස අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතක යයි.

මේ අතර පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලට මෙම තරග ජය ගැනීම සදහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 17ක් පමණී.ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 2ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 202කි.

දැන්වීම

මෙම තරගයේ පළමු ඉනිමට එංගලන්ත පිල ලකුණු 325ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී.

අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණී.ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිලට හිමිවූ ඉලක්කය ලකුණු 219කි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න