YOUTUBE බිඳ වැටෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීට පැය කිහිපයකට පෙර YOTUBE වෙබ් අඩවියේ ක්‍රියා කාරිත්වය පැය කිහිපයකට ඇණහිටීම සම්න්ධයෙන් එම සමාගම මෙතෙක් හේතු දක්වා නොමැත. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, "පුළුල්…
මීට පැය කිහිපයකට පෙර YOTUBE වෙබ් අඩවියේ ක්‍රියා කාරිත්වය පැය කිහිපයකට ඇණහිටීම සම්න්ධයෙන් එම සමාගම මෙතෙක් හේතු දක්වා නොමැත.
නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, "පුළුල් ප්‍රශ්නයක්" හේතුවෙන් එය තාවකාලිකව ඇණ හිටියත් දැන් එය යථා තත්වයට පත් වී ඇති බවයි.
ඒ අනුව පැය දෙකක පමණ කාලයක් බිඳ වැටී තිබූ YouTube වෙඩ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.එය භාවිත කරන්නන්, YouTube, YouTube TV සහ YouTube Music යන වෙබ් අඩවි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බව දැනුම් දී තිබිණ.
සාමාන්‍යයෙන් YOUTUBE වෙබ් අඩවියට මිනිත්තුවකදී පැය 400ක වීඩියෝ දර්ශන මුදා හරින අතර, Google වලින් පසු ලොව දෙවන විශාලතම සෙවුම් යාන්ත්‍රණය වන්නේ, YouTube වෙබ් අඩවිය යි.
අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා පොලිසිය ද මේ පිලිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තබූ අතර එහි සඳහන් වුයේ "YouTube බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට අපට බැහැ. 911ට ඇමතුම් දෙන්න එපා" යනුවෙනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1