අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

X-Press Pearl: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග

X-Press Pearl: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (X-Press Pearl) ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය X-Press Freeders නැව් සමාගමට අද…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (X-Press Pearl) ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය X-Press Freeders නැව් සමාගමට අද (ජූලි 24 වන දා) නියෝග කළේ ය.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

දැන්වීම

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නේ ය.

දැවැන්ත පාරිසරික හානියක්

මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කටාර්හි හමාඩ් සිට යාත්‍රා කර ඉන්දියාවේ හසීරා වරායට ගොස් එතැනින් කොළඹ වරාය දෙසට ගමන් ආරම්භ කර තිබිණි.

2021 ජුනි 17 වන දින එය දින 13 ක් ගිනි ගැනීමෙන් පසු මුහුදේ ගිලී ගියේ ය.

X-Press Pearl: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
X-Press Pearl: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග | Lanka Newsweek