අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

United Youth වෙතින් ගමට ක්‍රිකට්

United Youth වෙතින් ගමට ක්‍රිකට්

පුත්තලමට ක්‍රීඩා සංචිතයක් ශම්මි සිල්වාගෙන් පරිත්‍යාගයක් "විශේෂ දක්ෂතා ඇති ග්‍රාමීය ක්‍රීඩකයින් ඉදිරියේදී ක්‍රීඩා තරඟවලට" -සුදත් චන්ද්‍රසේකර- "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර…

පුත්තලමට ක්‍රීඩා සංචිතයක් 

ශම්මි සිල්වාගෙන් පරිත්‍යාගයක් 

"විශේෂ දක්ෂතා ඇති ග්‍රාමීය ක්‍රීඩකයින් ඉදිරියේදී ක්‍රීඩා තරඟවලට" -සුදත් චන්ද්‍රසේකර-

United Youth වෙතින් ගමට ක්‍රිකට්

"තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගය මගින් සංවිධානය කෙරුණු "ගමට ක්‍රිකට්" වැඩ සටහනේ සමාරම්භක පුහුණු වැඩමුළුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වූ සුහද ක්‍රිකට් තරගයක් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. 

මෙම අවස්ථාවට United Youth තරුණ බලවේගයේ නිර්මාතෘ සහ සභාපති සුදත් චන්ද්‍රසේකර, උපදේශක මණ්ඩල අධ්‍යක්ෂ මනෝජ් පුංචිහේවා, United Youth කලා එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් සහ United Youth ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ඇතුළු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

දැන්වීම

පුත්තලම් දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින් 150ක පමණ ප්‍රමාණයක් මෙම පුහුණු කඳවුරට සහභාගි වී තිබූ අතර  එම ක්‍රීඩකයන් අතරින් තිස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සංචිතයක් නිර්මාණය කිරීම ද මෙහිදී සිදු කර ඇත.

ඔවුන්  අතරින්  විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින් ඉදිරියේදී ප්‍රධාන ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් යොමු කිරීමේ හැකියාව ද සලකා බැලීමට නියමිතව ඇතැයි "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා "lankanewsweek" සමග කියා සිටියේය. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගණය වෙනුවෙන් ලණු පැදුරක් ප්‍රදානය කිරීමට කටයුතු කළ අතර එම පරිත්‍යාගය වෙනුවෙන් පැමිණ සිටි ක්‍රීඩකයන් සහ දෙමව්පියන් විසින් ශම්මි සිල්වා වෙත විශේෂ ස්තූතියක් පිරිනැමුහ. 

United Youth වෙතින් ගමට ක්‍රිකට්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න